• Mathaka Kandu - මතක කඳු

ඔහු මා දෙස බලාගෙනම සිටියේය. කල්පනාකාරී වෙලාවක නළල මත මතුවෙන රැලි, ගැඹුරු ඇස්, උල් බටිති දෙතොල් දල්වාගෙන බලාගෙනම සිටියේය. සියුම් සරින් සුළං ගලද්දීවත් කිසිවක් කිවේ නැත. කිසිවක්ම කිවේ නැත. චලන අමයුරු විශ්වකීර්ති අවම වශයෙන් බොරු කියනා මිනිසෙකි. සත්‍යය සැඟවිය යුතු අ නම් ඔහු නිශ්ශබ්ද වී සිටින්නේය. මේද එහෙම අවස්ථාවකි. ඇත්තෙන්ම යට කැමති වන අවස්ථාවේ ඔහුට මා අමතක වෙන්නට ඇත. එහෙම කෙලින් කියා හිත රිදවනවාට වැඩියෙන් මෙහෙම නිශ්ශබ්ද වෙන්නට තීරණය කරාන්නට ඇත.


දීර්ඝ හුස්මක් හෙළා ඔහු මදෙස බැලුවේය.


"ඔයාගෙන් අයින් වෙලා මුල් ගලවගෙන ගියාම තමයි මට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් උනේ ඔයා ගාව මං ජීවත් වෙලා තියෙන්නේ කොයි තරම් නිදහසකින්ද කියලා.. ඔයා මට ඕන උසකට පියාඹන්න ඉඩ දීලා පහල වලාකුළු බැමිවල නෙට් එකක් බැඳගෙන වගේ බලං ඉඳලා.. ඔයා කියන්නී නිකම්ම නිකම් කෙඳි මුල් ටිකක් නෙමෙයි.. චලන අමයුරු දරන ඉඳලා තියෙන මුදුන් මුල ඔයා කියලා.. ඇත්තටම මං පැළ වෙලා ඉඳලා තියෙන්නේ ඔයා ඇතුළේ..මොන තරම් අවස්ථාවාදීව හැසිරුනත් අන්තිමේ මාව දරාගෙන ඉඳලා තියෙන්නේ ඔයා.. හැම මිනිහෙක්ටම වෙලාවක් එනවා මේකට එන්නත් යන්නත්. ඉන්දීවරී ගියා.. මට තනියි. පාලුයි.. ඔයාත් මට ඉස්සර හිටිය ඒ විදියටම ආදරෙයි.. මට ඔයා නැතුව පැවතිල්ලකුත් නෑ.. සැනසිල්ලකුත් නෑ. මං හරි ආදරෙයි නංගි.. එච්චරයි"

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Mid March - මිඩ් මාර්ච්

Mid March - මිඩ් මාර්ච්

සිහින ඇහිදින මාර්තුවක කතාව..

Rs. 1,680.00

Chimini Kopi - චිමිනි කෝපි

Chimini Kopi - චිමිනි කෝපි

''එච්චර දරුණුද මගේ මතක''''ඒවා උල් කරපු දියමන්ති කිණිසි වගේ... වටිනවා... එළියයි..ලස්සනයි හැබැයි ඇනෙනක..

Rs. 1,900.00